සියල්ල සූදානම් – තීරණාත්මක තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (23) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය එක්දින තරග 03 කින් සමන්විත යි.

 ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සැළකෙන බැවින් මෙය ජය ගැනීම ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට ද වැදගත් වනවා.

එබැවින් මෙය තීරනාත්මක තරගාවලියක් ලෙස හැඳින්විය හැකි යි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන් තරග 40ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 07ක් පමණයි.

ඊට අමතරව තරග 03ක් ජය පරාජයකින් තොරව නිමා වී තිබෙනවා.

කෙසේ වෙතත් මේවන විට බංග්ලාදේශය යනු ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් විය හැකි තරම් ප්‍රබල කණ්ඩායමක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය තුළ පෙන්වූ පසුබෑම් ද මෙම අභියෝගය තීව්ර කරවනවා.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් ලකුණු 2157ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ යි.

ඒ ලකුණු 1652ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් ලබා ගනිමින්.

කෙසේ නමුත් අවසන් වරට මෙම කණ්ඩායම් එක්දින තරගාවලියක දී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2019 වසරේ ජූලි මාසයේ දී වන අතර එම තරගාවලිය 3-0 ලෙස දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති ඩකා පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ජාත්‍යන්තර තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 03ක් පමණක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.

පෙර වාර්තා සළකා බැලූ විට කාසියේ වාසිය දිනාගත හොත් පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වාසි සහගත විය හැකි බව ක්‍රිකට් විචාරකයින් සඳහන් කරනවා.

එමෙන්ම පිතිකරුවන්ට වැඩි දස්කම් දැක්විය හැකි මෙම පිටියේ දඟපන්දු යවන්නන් හට ද බොහෝ හිතකර විය හැකි බව ද ඔවුන් අනුමාන කරනවා.

පළමු තරගය අද (23) දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගය සජිවිව ඔබට ගොසිප් ලංකා නිව්ස් අපගේ වෙබ් අඩවියෙන් නැරඹිය හැක.

https://www.youtube.com/watch?v=DIziVxn1Crw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?