UPDATE: සියයට 2.5කින් ජූලි 01 සිට බස් ගාස්තු පහතට දැමීමට NTC අවසරය (වීඩියෝ)

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බව එම කොමිෂන් සභාව පැවසුවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණා.

කෙසේවෙතත් එහිදී ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදු කරන බවයි.

ඊට බස් සංගම් සිය විරෝධය පළ කළ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවයි.

ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?