සියදිවි නසා ගැනීමෙන් වසරකට 3000කට අධික ප්‍රමාණයක් මරුට

ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම හේතුවෙන් වර්ෂයකට ජීවිත 3000කට අධික ප්‍රමාණයක් අහිමි වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ හිතාමතා ම සිදු කරගනු ලබන තුවාල සහ අනතුරු බොහොමයක් වාර්තා වන්නේ සියදිවි නසා ගැනීමට ගොස් ඒවා ව්‍යාර්ථ වූ අවස්ථාවල දී බවයි.

සියදිවි නසා ගැනීම් සංඛ්‍යාලේඛනවල ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඇති බවට ද හෙළි ව තිබෙනවා.

ජාතික අනතුරු නිවාරණ සතිය යෙදෙන ජුලි 01 වැනිදා සිට 05 වැනිදා තෙක් වන සතියේ මෙම කාරණාව පිළිබඳ ව අවධානය යොමු කර ඇති බවත් වාර්තා වනවා.

සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කළේ සියදිවි නසාගැනීම් සැලකිය යුතු මහජන සෞඛ්‍ය අභියෝගයක් වන අතර, මෙම භයානක ප්‍රවණතාවට එරෙහි ව සටන් කිරීම සඳහා වැඩිදියුණු කළ මානසික සෞඛ්‍ය ආධාර සේවා, ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ඵලදායී සියදිවි නසාගැනීම් වැළැක්වීමේ උපාය මාර්ගවල හදිසි අවශ්‍යතාව මේ වනවිට මතුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?