සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරියක් අඩි 30ක ප්‍රපාතයකට පෙරළී යයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්ව තිබෙනවා.

හැටන් සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ රථයක් මෙලෙස අනතුරට මුහුණ දී ඇති අතර අනතුරෙන් රියදුරුට හෝ වෙනත් කිසිවෙක්ට තුවාල සිදුවී නැහැ.

අදාළ ස්ථානයේ ඇති විශාල වංගුවක් ගැනීමේ දී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම ප්‍රපාතයට පෙරළී ඇති බව මූලික විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

​සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?