සිනොපෙක් සමාගමේ මෙහෙයුම් සැප්තැම්බර් මාසයේ සිට

සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර දෙන බවයි.

සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතයට එල්ල වන පීඩනය අවම කිරීමට ඉවහල් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔක්තොම්බර් සහ නොවැම්බර් වන විට තවත් ජාත්‍යන්තර ඉන්ධන මෙහෙයුම් සමාගම දෙකක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ එක්සත් ජනපද සමාගමක් වන RM Parks Shell ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට අනුමැතිය ලබා ඇති අනෙකුත් සමාගම් දෙකයි.

නව ගනුදෙනුව යටතේ, චීන සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් පවත්වාගෙන යාම සඳහා වසර 20ක බලපත්‍රයක් ලබා දෙන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇති.

“Sinopec ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ද සැලසුම් සකස් කර ඇති අතර ඔවුන්ගේ යෝජනා අගෝස්තු මස අවසානයේ භාර දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ.

පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 4 ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරෙන්නේ 2019 වසරේ සිටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
11
+1
0
+1
3
+1
4
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?