දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් – සුක් – යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීබීසී මාධ්‍ය වාර්තා කළේ පසුගියදා දෝෂාභියෝගයට ලක් වීමෙන් පසු දැඩි විරෝධය මධ්‍යයේ යූන් ජනාධිපතිවරයා ධුරයෙන් අස් වූ අතර ඔහු ව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී තිබුණ ද එය දකුණු කොරියානු ආරක්ෂක අංශවලට නම් පහසු වූයේ නැහැ.
ඊට හේතුව වූයේ යූන්ගේ ආධාරකරුවන් විසින් ඔහුව දැඩි රැකවල් මධ්‍යයේ ආරක්ෂාව කර සිටීම හේතුවෙන්.
අවස්ථා කිහිපයකදී අත් අඩංගුවට ගැනීම අසාර්ථක වූ නමුත් දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් ජනාධිපති යූන් සුක් යෙයොල් ඔහුගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ ආධාරකරුවන් සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසු ඔහුගේ නිවසේ දී ම අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇති බවයි වාර්තා වන්නේ.
දෙසැම්බර් මාසයේ දී යුද නීතිය පැනවීමට කෙටි කාලීන උත්සාහයකින් පසුව, කැරැල්ලක් ඇති කිරීමේ චෝදනා මත යූන් සති ගණනාවක් සැඟවී සිටියා.
අධිකරණයෙන් සිතාසි පවා නිකුත් ව තිබියදී හිටපු ජනාධිපතිවරයා එය නොසලකා හැර කටයුතු කළ අතර කොරියානු දූෂණ විමර්ශන කාර්‍යාලයේ (CIO) නිලධාරීන් භාරයේ ඔහු මේ වන විට පසුවනවා.