”සිටි කප්” බොක්සිං ශූරයින් දිවයිනට(ඡායාරූප)

‘තායිපේ සිටි’ කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගෙන ඊයේ (27) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය ආගෝස්තු 22 සිට 25 දින දක්වා තායිවානයේ තායිපේ නුවර දී ප්‍රථම වතාවට සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තරගාවලිය ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා රටවල් 08ක යොවුන් බොක්සිං ක්‍රීඩකයින් සහභාගි වී තිබෙනවා.

එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ තෙනුවන් මීගල්ල සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්.එම්.පී.ඩී.හීන්කෙන්ද යන යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා මෙරටට පැමිණියේ රන් පදක්කම් 02 ක් දිනා ගනිමින්.

කොළඹ සහිරා විද්‍යාලයේ තුෂාල් ආසිල් මෙම තරගාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගෙන තිබුණා.

ඊට අමතරව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ රවිදු ජීවන්ත සහ වේයන්ගොඩ ජනාධිපති ජාතික විද්‍යාලයේ මවිදු නිම්සර යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා ලෝකඩ පදක්කම් 02 ක් ද දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරගාවලියේ හොදම විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කපිල සුගතදාස මහතා සම්මානයට පාත්‍ර වී ඇති බව වාර්තා වනවා.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම යොවුන් බොක්සිං ක්‍රීඩකයින්ගේ පාසැල්වල විදුහල්පතිවරුන් , ගුරුභවතුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

20240827 201804 scaled
20240827 201804 scaled
20240827 201804 scaled
20240827 201804 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27