අධ්‍යක්ෂ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පෙරේදා (19) දිනයේ මෙම මෙහයුම ආරම්භ කර ඇති බවයි.
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැළණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළදසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිතකර ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර ඇති බව සඳහන්.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශවල නිලධාරීන් යොදවා මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.
එහිදී සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවික කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන ලද බාල වයස්කරුවන් 21 දෙනෙකු භාරයට ගෙන ඇති අතර ඔවුන්ව සුදුසු භාරකාරීත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.



