සිගරට් 1060 ක් පොලිස් භාරයට

තීරුබදු රහිත සිගරට් තොගයක් මෙරටට ගෙන්වා අළවි කල බව කියන පුද්ගලයෙක් සහ සිගරට් තොගයක් මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මිනුවන්ගොඩ හිරිනුගේකන්ද ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී සිගරට් තොගයක් ඇති බවට මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් ඊයේ (04) මෙම නිවස වටලා සිගරැට් තොගය සහ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සිගරට් 1060 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 50000 ක් පමණ වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත , ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මිනුවන්ගොඩ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ සූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මධුරංග , විජේසූරිය, කරුණාරත්න , පොලිස් කොස්තාපල්වරුන් වන 76997 ප්‍රියංකර, 32834 බුද්ධික යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වති…..

49ebd342 b411 4d00 a2b0 9b5e278d817d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06