සිකුරාදා ලංකාවම අඩපණ වෙයිද ?

එලැබෙන මැයි 06වන සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට වෘතීය සමිති , සිවිල් සංවිධාන ,දේශපාලන පක්ෂ ඇතුලු කණ්ඩායම් රැසක් සූදානම් වෙයි.

මෙම ඒකාබද්ධ හර්තාල් ව්‍යාපාරයට සියලු පාර්ශව වල සහයෝගය අවශ්‍යය බව ජාතික වෘතීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ පිළිබඳව අදහස් දැක්වූ වසන්ත සමරසිංහ ,

“6 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය හා හර්තාලය පවත්වලා, දුෂිත ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට දෙන අවසාන පණිවුඩය දෙනවා. 6 වෙනිදාට කලින් යන්න ඕනේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා අරගලයට එකතුවෙන්න. අත්වැල් බැඳගන්න. වැඩබිම් නවතිනවා. ට්‍රාන්ස්පෝට් නවතිනවා. සියලුදෙනා ගෙදර ඉඳන් තමන්ගේ ළඟම තියෙන පාරට කළු කොඩියක් අරන් එන්න. ගෙදර කළු කොඩියක් දාන්න. ආයතනවල කළු කොඩියක් දාන්න. රටේ ජනතාව එක්ක එකතුව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බලය පෙන්වන්න. හර්තාලය සාර්ථක කරන්න. මේ වෙනකොටත් ආණ්ඩුව තීරණය කරලා නැත්නම්, 6 වෙනිදා වෙනකොටත් තීරණය කරලා නැත්නම් යන්න අපි මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාර මේ රටේ බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ සියල්ල එකතුවෙලා 11 වෙනිදා පටන් ගන්නවා හර්තාලය. ආණ්ඩුව ගෙදර යනකල් ඒක නවත්වන්නේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23