සිංහල සහ දමිළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ

මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පොදු එකඟතාව මත සකස් කරන ලද නිල නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, අනුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිදුවනවා.

පුණ්‍ය කාලය යෙදී ඇත්තේ අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වායි.

ආහාර පිසීමේ නැකත අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 10.51ට යෙදී තිබෙනවා.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ටයි මෙවර නැකත් සීට්ටුවේ යෙදී ඇත්තේ.

මෙවර හිස තෙල් ගෑම නැකත අප්‍රේල් 15 වැනි බදාදා පූර්වභාග 06.55ට යෙදී තිබෙනවා.

හදිසි රාජකාරි සඳහා අප්‍රේල් 17 වැනි සිකුරාදා පූර්වභාග 05.38ට උතුරු දිශාව බලා පිටත් වීම සුදුසු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම රැකි රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 6.27ට දකුණ දිශාව බලා හෝ පූර්වභාග 6.50ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම සුදුසු බව නැකත් සීට්ටුවේ සඳහන්.

මේ අතර මෙවර පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01ට උතුරු දිශාව බලා සිදුකිරීම සුදුසු බවයි දක්වා ඇත්තේ.

28

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
5
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !