පොලිස් සැරයන්වරයෙක් විසින් සිර මැදිරියේ දොර විවෘත කිරීමත් සමඟම, අදාළ සැරයන්වරයා තල්ලුකර දමා එහි රඳවා සිටි සැකකරුවෙක් පළාගොස් ඇති බවට පුවතක් මතුගම මූලස්ථාන පොලිසියෙන් වාර්තා වනවා.
මෙලෙස ඊයේ (08) දිනයේ දී පලාගොස් ඇත්තේ මතුගම, ඉද්දගොඩ, කට්ටා යන අන්වර්ථ නාමය 29 හැවිරිදි පුද්ගලයෙක්.
එලෙස පලා ගිය සැකකරු අයිස් මත්ද්‍රවය මිලිගෑම් 2200 ක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිට තිබෙනවා.
කෙසේ වෙතත් උඑම අවස්ථාවේ දී බීමත් රියදුරෙක් සිරමැදිරිය තුළට දැමීම සඳහා සැරයන්වරයෙක් විසින් සඑහි දොර විවෘත කිරීමත් සමඟ සැකකරු එලෙස පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට මතුගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.













