සැමියා තැබූ වෙඩි පහරින් බිරිඳ මරුට

සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පුද්ගලික් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (26) උදෑසන එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි නව නරගය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ සැකකරු අද (27) අඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?