AFC Banner
AFC Banner
Empty Ad

සැඩ පහරකට හසුව අතුරුදන් වූ අයෙක් සොයා මෙහෙයුම්

රංගල බෝපිටිය ඔයේ ජල පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයෙක් සොයා නාවික හමුදාව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ඇතුලු කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) සවස අධික වර්ෂාව හමුවේ බෝපිටිය ඔයෙහි ජලය පිටාර ගලමින් තිබියදී මාර්ගයේ යතුරුපැදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස යතුරුපැදිය ද සමගින් ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත්තේ.

ඔහු උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා පොද්දල්ගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

තලාතුඔය නාවික හමුදා නිලධාරීන්, මහනුවර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ මහනුවර ආපදා කලමනාකරණ ඒකකය මෙන්ම මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර අතුරුදන් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?