සැඩ පහරකට හසුව අතුරුදන් වූ අයෙක් සොයා මෙහෙයුම්

රංගල බෝපිටිය ඔයේ ජල පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයෙක් සොයා නාවික හමුදාව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ඇතුලු කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) සවස අධික වර්ෂාව හමුවේ බෝපිටිය ඔයෙහි ජලය පිටාර ගලමින් තිබියදී මාර්ගයේ යතුරුපැදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස යතුරුපැදිය ද සමගින් ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත්තේ.

ඔහු උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා පොද්දල්ගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

තලාතුඔය නාවික හමුදා නිලධාරීන්, මහනුවර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ මහනුවර ආපදා කලමනාකරණ ඒකකය මෙන්ම මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර අතුරුදන් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54