Empty Ad
AFC Banner
Empty Ad

සැක සහිත අධි සුඛෝපභෝගී වාහන පොලිස් භාරයට ගැනේ

ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ රුපියල් කෝටි 06ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් හා ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් සහ අශ්වබල -1000 යතුරු පැදියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට ලැබුණ තොරතුරකට අනුව අස්ගිරිය ප්‍රදේශයේ තිබී අදාළ මෝටර් රථ පොලිස් භාරයට ගැනුණු බවයි.

එම ඩිෆෙන්ඩර් රථය ඇතුළු සෙසු වාහන අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබියදියි සොයා ගැනුණේ.

මෙම වාහනවල අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් ලියකියවිලි නොමැති වීම නිසා ඒවා පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඒවායෙහි අංක තහඩු ව්‍යාජ ඒවා බවයි.

මෙම වාහන නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ ද නැතහොත් මෙරට දී එකලස් කරන ලද මෝටර් රථ ද නොඑසේ නම්; සොරකම් කරන ලද ඒවා ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ආයතනවල හිමිකරුවන් ලෙස පෙනී සිටි අය කිසිවෙකු මෙතෙක් පොලිස් අත් අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?