සැකකරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ චෝදනා ලැබූ මාලිම්බඩ OIC ඇතුළු සිව්දෙනෙකු රිමාන්ඩ්

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එවකට මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ලබන ජුනි මස 05 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළා.

2020 වර්ෂයේ අගෝස්තු මස 20 දින මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ රට බීම අලෙවිසැලක් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට සැකපිට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාලිම්බඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අවස්ථාවේ දී ඔහුට අමානුෂික අන්දමින් පහර දුන් බවට එවකට මාලිම්බඩ පොලීසියේ සේවය කළ, පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජයවික්‍රම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සමන්ත විජේසේකර, මාලිම්බඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සමන් විජේවර්ධන හා මාතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් බුද්ධික විජයතුංග යන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකය මගින් අද (22) දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරා තිබුණා.

එහිදියි අධිකරණ විනිසුරුවරයා සැකකරුවන් ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේ.

එම නඩුව තීන්දුව ලබාදෙමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරුවන් සිව්දෙනාටම විරුද්ධ ව පවතින චෝදනාවලට මුල් වූ සිදුවීම සිදු වී ඇත්තේ 2020 වර්ෂයේ වන අතර මේ වන විට දීර්ඝ කාලයක් ගතව ඇතත් නිසි විමර්ශනයක් සිදු ව නැත්තේ, මෙම සැකකරුවන් සිව්දෙනා පොලිසියේ ඉහළ නිලතල දරන පුද්ගලයින් වන බැවින් බවයි.

එබැවින් මෙම නඩුවට අදාළව සම්පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතුව පවතින හෙයින් මෙම සැකකරුවන්ට ඇප ලබාදීමක් සිදු වුවහොත් එම විමර්ශනවලට බාධාවක් ඇති විය හැකි බැවින් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29