කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
කලවාන, වැද්දාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ නැමැති මෙම සැකකරු වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.
මෙම සැකකරුට රත්නපුර සහ කලවාන මහේස්ත්‍රාත් අධිකරණයන් විසින් ද අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591258 / 037 2299222 යන අංක අමතා මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් ලෙසද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1














