සැකකරුගේ නිර්නාමික ලිපියෙන් හෙළිවූ මනුෂ්‍ය ඝාතනයේ සුලමුල

මීට මාස හතකට පමණ පෙර ඝාතනය කළ බවට විශ්වාස කරන පුද්ගලයෙකුගේ අස්ථි කොටස් අපරාධය සිදුකළ බවට සැකකරන පුද්ගලයාගේ ලිපියකින් සොයා ගැනීමට මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ෂන ඒකකය සමත්ව තිබෙනවා.

ඊයේ (25) සිදුකරන ලද ස්ථානීය පරික්ෂාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරැ විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් කරණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය වසරේ 07 වන මස 20 වන දින මාතලේ, ආටිස්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුගේ අතුරුදන්වීමක් පිළිබඳව මහවෙල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන අතර තුර කිසියම් පුද්ගලයෙකු විසින් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට එවා තිබූ නිර්ණාමික ලිපියක් ඔස්සේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්ච්රණය කර ඇත්තේ තමන් විසින් වන සතෙකුට බදින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු වැටී සිට ඇති බවත් පසුව එම සිරුර යාබද කැලයක පිහිටි මිනිරන් පතලකට දමා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මාස කිහිපයකට පසු මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් යාබද ගල් තලාවක දමා අපරාධ කොට්ඨාශය වෙත නිර්ණාමික ලිපියක් මඟින් සැකකරු දන්වා ඇත්තේ ගල් තලාවක අස්ථි කොටස් කිහිපයක් ඇති බවයි.

ලිපිය තැපැල්කරණ ලද මාතලේ – මඩවල උල්පත තැපැල් කාර්යාලය අසල පිිහිටි ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාල ලිපිය යොමුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් කිහිපයක් දමා තිබූ ස්ථානය මාතලේ වැඩබලන මහේස්ත්‍රාත්වරියගේ පරීක්ෂාවට ලක් වූ අතර ඇයගේ නියෝග මත එම අස්ථි කොටස් මාතලේ මහ රෝහලට යැවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ ඇද සිටි සරම සහ අතරැදි පිහියක් ඔහුගේ දරැවන් විසින් හදුනාගත් බවයි පොලසිය පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සැකකරැ විසින් බදින ලද තුවක්කුව පත්තු වී මියගිය පුද්ගලයාගේ සිරුර දමා තිබූ මිනිරන් පතල මාතලේ මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂාවට ලක්කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?