පෞරාණික වටිනාකක් ඇති බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් 14 දෙනෙක් මාට්ටු

මාවතගම පොලිස් වසමේ කහපත්වල කැබිලිතිගොඩ පුරාන රජමාහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තුළ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාකවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 28 වැනිදා රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසමින් පුද්ගලයින් සිව්දෙනෙක් විහරස්ථානයට පැමිණ එහි ආවාසයෙහි තුල තැන්පත් කර තිබූ අඩි 1 1/2 පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාව විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය බව පවසමින් ස්වාමින්වහන්සේලාගෙන් ලබාගෙන එය පැහැරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධ විමර්ශන සිදුකර මාවතගම පොලිසිය විසින් සිද්ධියට අදාල සැකකරුවන් 14 දෙනෙක් ඊයේ (31) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැරගන්නා ලද පිළිමවහන්සේ සහ අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 22 හා 56 වයස්වල පසුවන මිනීගමුව, තෙල්දෙණිය, මොණරාගල, මතුගම, මාතලේ හා රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් ඊයේ (31) දින පිළැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මාවතගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17