පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට විසින් ලද තොරතුරක් මත බෙන්තොට පොලිස් වසමේ ඊයේ (31) අලුයම් කාලයේ වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 105ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.













