උනාකුරුවේ ශාන්තගේ ගෝලයක් ලක්ෂ 50ක අයිස් මාට්ටු

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයක් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන උනාකූරුවේ ශාන්ත නමැත්තා අලුත්ගම සහ වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී මොහු පිළිබද ඇති වූ සැකය මත මෙම පරික්ෂ කිරීම සිදු කර තිබෙනවා=.

මෙම සැකකරු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙක්ට ලබාදීම වෙනුවෙන් මෙම ස්ථානයේරැඳීසිට ඇති බවට පොලිසිය සැකකරනවා.

සැකකරු 22 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පසුව සිදු කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු, උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග මෙම පුද්ගලයා සමීප සබඳතා පවත්වාගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (01) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24