සැකකරුගේ නම පොලිස් පොතේ වැරදියට ලියැවී අර්චුනාගේ නඩුව කල් යයි

සැකකරු කවුරුන් දැයි නිශ්චිත ව සොයා ගැනීමට නොහැකි වීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතාගේ නඩුව කල් තබා තිබෙනවා.

අද (22) පෙරවරුවේ සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් මෝසමක් හරහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදියි අධිකරණය මෙම නඩුව පෙබරවාරි මස 03 වැනි දින තෙක් කල් තැබීම සිදු කළේ.

අනුරාධපුර – රඹෑව පොලිස් වසමේ දී රථ වාහන පොලිස් නිලධාරීන් සමග බහින්බස් වීමක නිරත වූ අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළා.

නමුත් අද අධිකරණය හමුවට ආ අවස්ථාවේ දී නඩු වාර්තාවේ අර්චුනා මහතාගේ නම පොලිසිය විසින් සටහන් කරනු ලැබ ඇත්තේ අර්ජුනා ලෝචන් යනුවෙන්.

නමුත් මන්ත්‍රීවරයාගේ නම රියදුරු බලපත්‍රයේ සටහන් ව ඇත්තේ රාමනාතන් අර්චුනා යන නමින් බැවින් හරි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන ලෙසට පොලීසියට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?