සැකකරුගේ නම පොලිස් පොතේ වැරදියට ලියැවී අර්චුනාගේ නඩුව කල් යයි

සැකකරු කවුරුන් දැයි නිශ්චිත ව සොයා ගැනීමට නොහැකි වීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතාගේ නඩුව කල් තබා තිබෙනවා.

අද (22) පෙරවරුවේ සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් මෝසමක් හරහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදියි අධිකරණය මෙම නඩුව පෙබරවාරි මස 03 වැනි දින තෙක් කල් තැබීම සිදු කළේ.

අනුරාධපුර – රඹෑව පොලිස් වසමේ දී රථ වාහන පොලිස් නිලධාරීන් සමග බහින්බස් වීමක නිරත වූ අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළා.

නමුත් අද අධිකරණය හමුවට ආ අවස්ථාවේ දී නඩු වාර්තාවේ අර්චුනා මහතාගේ නම පොලිසිය විසින් සටහන් කරනු ලැබ ඇත්තේ අර්ජුනා ලෝචන් යනුවෙන්.

නමුත් මන්ත්‍රීවරයාගේ නම රියදුරු බලපත්‍රයේ සටහන් ව ඇත්තේ රාමනාතන් අර්චුනා යන නමින් බැවින් හරි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන ලෙසට පොලීසියට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15