සා.පෙළ විද්‍යාව පේපරේට නිදහස් ලකුණු 02ක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ආන්දෝලනයකට තුඩු දුන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්නයට එක ලකුණ බැගින් නිදහස් ලකුණු 02ක් ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

2023 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) පස්වරුවේ ඔහු මේ බව සඳහන් කළා.

” ප්‍රශ්න පත්‍ර නිරීක්ෂක මණ්ඩලයත් නැවත උත්තර ඇගයීමක් කරනවා. කිසි කෙනෙක් බයවෙන්න ඕන නැහැ ඒ කාරණා පිළිබව, මේ ප්‍රශ්න දෙක ඇරෙන්න ප්‍රශ්න පත්‍ර පිළිබඳව හොඳමට්ටමේ තියනවා.” යනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර විභාගය පැවැත්වෙන කාලය තුළ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ බව කියන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් දකවා සිටියා.

මෙහි දී විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොකරන බවයි.

“ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවෙලා නැහැ. ඒ නිසා අවලංගුකරන්න අවශ්‍ය නැහැ. කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන භාවිත කරමින් පිළිතුරු ගෙන්වා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී නිලධාරීන් ඒ පිළිබඳව කටයුතු කරලා පොලිසිය දැනුවත්කරල ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරනවා. හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක නිලධාරීනීයක් විශ්‍රාමික ගුරුවරයෙක්ට යවලා, රත්නාවලී විදුහලේ නිරීක්ෂකවරිය සහ විශ්‍රාමික ගුරුවරයා අත්අඩංගුවට අරන් තියනව. හැබැයි අපේක්ෂකයන්ට ප්‍රශ්නපත්‍රය යන්න විදිහක් නැහැ. ඒ වෙනකොට විභාගය පටන් අරන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?