සා.පෙළ විද්‍යාව පේපරේට නිදහස් ලකුණු 02ක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ආන්දෝලනයකට තුඩු දුන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්නයට එක ලකුණ බැගින් නිදහස් ලකුණු 02ක් ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

2023 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) පස්වරුවේ ඔහු මේ බව සඳහන් කළා.

” ප්‍රශ්න පත්‍ර නිරීක්ෂක මණ්ඩලයත් නැවත උත්තර ඇගයීමක් කරනවා. කිසි කෙනෙක් බයවෙන්න ඕන නැහැ ඒ කාරණා පිළිබව, මේ ප්‍රශ්න දෙක ඇරෙන්න ප්‍රශ්න පත්‍ර පිළිබඳව හොඳමට්ටමේ තියනවා.” යනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර විභාගය පැවැත්වෙන කාලය තුළ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ බව කියන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් දකවා සිටියා.

මෙහි දී විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොකරන බවයි.

“ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවෙලා නැහැ. ඒ නිසා අවලංගුකරන්න අවශ්‍ය නැහැ. කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන භාවිත කරමින් පිළිතුරු ගෙන්වා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී නිලධාරීන් ඒ පිළිබඳව කටයුතු කරලා පොලිසිය දැනුවත්කරල ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරනවා. හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක නිලධාරීනීයක් විශ්‍රාමික ගුරුවරයෙක්ට යවලා, රත්නාවලී විදුහලේ නිරීක්ෂකවරිය සහ විශ්‍රාමික ගුරුවරයා අත්අඩංගුවට අරන් තියනව. හැබැයි අපේක්ෂකයන්ට ප්‍රශ්නපත්‍රය යන්න විදිහක් නැහැ. ඒ වෙනකොට විභාගය පටන් අරන්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14