සාහසික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු වැසිකිළි වලකින් හමුවෙයි

කහටගස්දිගිලිය, පිහිබියගොල්ලෑව පොලිස් වසමට අයත් පීනගල ගමේ පදිංචි විශ්‍රාමක හමුදා සෙබළෙකු සාහසික ලෙස ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබියදී අද (27) දින පිහිම්බීගොල්ලෑව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 වයස ඇති පීනගල ගමේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙක්.

මෙම පුද්ගලයා පසුගිය 25වන දින මියගොස් ඇති අතර සිය නිවසේ එදින තනිව වාසය කර ඇති බවයි අප වාර්තා කරු සඳහන් කරන්නේ.

ඔහුගේ දරුවන් විසින් සිදු කරන ලද සොයාබැලීමේදී මියගිය තැනැත්තාගේ නිවස ආසන්නයේ තිබෙන වැසිකිළි වළකින් ආ දුර්ගන්ධයක් හේතුවෙන් එම වල පරීක්ෂාකිරීමට ලක්ව තිබෙනවා.

මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අන්තුරුව සිදුකරන ලද පරීක්ෂණ වලදී මෙම සිරුර පොලිස් සුනඛයෙකු විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැදවච්චිය මහේස්ත්‍රාත්තුමිය විසින් මූලික පරීක්ෂණය සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?