සාමාජිකයන් 5000කගේ කෝටි 160කට විදලා

කුරුණෑගල ප්‍රදේශයෙන් නැවතත් නීත්‍යනුකූල නොවන මූල්‍ය ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ 5000 ක පමණ පිරිසක් කෝටි 160 කට අධික මුදල් ප්‍රමාණයක් අහිමි කර ගැනීමත් සමගය.

ඉවෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නමින් මෙවැනිම නීත්‍යනුකූල නොවන මූල්‍ය ව්‍යාපාරයක් පිළිබඳ කතා බහ මතකයෙන් බැහැර වන්නටත් පෙර නැවතත් එවැනිම මූල්‍ය ව්‍යාපාරයක් නිසා කෝටි ගණනක මුදලක් අහිමි කරගෙන සුසුම්ලන දහස් ගණනක් මිනිසුන් අතරමං වන විට ලංකාවේ නන් දෙසින් එවැනිම ආරංචි ගලා එමින් තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ අසාධාරණයට පත්වූ වින්දිතයන්ගේ සංගමයේ කැඳවුම්කරු මාධ්‍ය ප්‍රකාශක රාජාංගණේ පියදස්සි ස්වාමින් වහන්සේ මෙසේ පැවසූහ.

මේ රට තුළ නීති විරෝධී පිරමීඩ් ආකාරයේ මුදල් ගනුදෙනු කිහිපයක් තිබෙනවා. ඉන් එක් ව්‍යාපාරයක් පිළිබඳ අපි කරුණු හෙළිදරව් කරනවා. ලංකාවේ 5000ක පමණ පිරිසක් මෙම ව්‍යාපාරයට හසුවී දැඩි අසාධාරණයකට මේ වනවිට ලක්වෙලා තියෙනවා. මේ රිසර්ච්වර්ල්ඩ් වන් නම් ව්‍යාපාරය ලියනගොඩ, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ දිගන, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නීත්‍යනුකූල නොවන අයුරින් පවත්වා‍ෙන යන බව හඳුනාගෙන තියෙනවා. මේ දෙදෙනා රටපුරා මිනිසුන්ට දේශන පවත්වමින් පිරිස ඒකරාශී කරගෙන මේ ව්‍යාපාරය කළේ.

මොවුන් මේ වෙනකොට කෝටි 160කට වැඩි මුදලක් සාමාජිකයින්ගෙන් කූට ලෙස එකතු කරගෙන තියෙනවා. මේ ව්‍යාපාරයේ කොටස්කරුවන් ලෙස මුදල් ලබා ගනිමින් ක්‍රියා කරන මිනිස්සු අතරමං කරමින් මෙම ව්‍යාපාරය වසා දමා තිබෙනවා. මේක මහා මුදල් වංචාවක්.

පොරොන්දු වූ පරිදි ලාභාංශ හෝ මුදල් ගෙවා නැහැ. මෙවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන ඇවිල්ලා අගතියට පත් පිරිසක් විසින් නඩු පවරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 836 25/01/17 නඩුවේ විමර්ශන පවත්වාගෙන යනවා.ඔහු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබුණත් සෑම ඉරිදාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්ත-මේන්තුවේ පෙනී සිටිය යුතුයි.

අසාධාරණයට පත්වූ වින්දිතයන්ගේ සංගමයේ සභාපති නන්දන රොහාන් අධිකාරි.

‌මොවුන් මුලින්ම කළේ මේ හොර මූල්‍යායතනයට විරුද්ධව පැමිණිලි කළ අයට විරුද්ධවත් නඩු පැවරීමේදී මේ කතා කරන මට විරුද්ධවත් නඩුවක් පවරලා තියෙනවා. මම මේ කිසිවකට සම්බන්ධ නැහැ. මම ඉල්ලා සිටිනවා මේ අසාධාරණයට පත් වූවන්ට පැහැදිලිවම සාධාරණයක් ඉෂ්ට කරන්න. අපිත් එක්ක සාකච්ඡාවකට පැමිණෙන්න. මේ අසාධාරණයට පත් වූවන් 5000 ට අධිකයි. කෝටි 160ට වැඩි මුදලක් වංචා කරල තියෙනවා.

අදාළ ආයතනය නිසා අසාධාරණයට ලක්වූ වින්දිතයන්ගේ සංගමයේ ලේකම් පී. අනිල් කුමාර.

මෙම ආයතනය කළ දැනුවත් කිරීම්වලට රැවටිලා ගොඩක් අය මුදල් ආයෝජනය කරලා තියෙනවා. 2020 වර්ෂයේදී පමණක් කෝටි 160කට වැඩියෙන් මෙම නීති විරෝධී ආයතනයේ මුදල් ආයෝජනය කරලා තියෙනවා. ඒ මුදල් මේ ව්‍යාපාරයේ හිමිකරුවන් වංචා කළා. මේක මූල්‍ය සුනාමියක්. ශ්‍රී ලාංකික සමාජයට මරු පහරක්. රජයට බදු ලැබෙන්නේ නැහැ. අහිංසක මිනිසුන්ගේ සල්ලි වංචනික මිනිසුන් දෙදෙනකු ළඟ තියෙන කළු සල්ලි බවට පත් වෙලා. අහිංසක මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැ. සල්ලි ඉල්ලනකොට, සාධාරණය ඉටු වෙතැයි බලාපොරොත්තු වන අහිංසක මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ. මේ දෙදෙනා මගහරිනවා. මේ සංගමයේ නිලධාරීන්ට පවා දැන් තර්ජන ගර්ජන එල්ල වෙනවා.

ඉදිරියේදී අපට අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙයි. මේ හැම අභියෝගයකටම අපි මුහුණ දෙන්න සූදානම්. අපි සංගමයක් විදියට මෙම නියමිත මුදල් අඩුම තරමින් ආයෝජනය කරපු මුදල් ලැබෙන තෙක් මේ සටන අඛණ්ඩව ගෙනියනවා.

මෙම ගැටලුව වෙනුවෙන් පෙනී සිටින සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මෙසේ පැවසීය.

ඇයි ජනතාව මෙවැනි ආයතන එක්ක පැලපදියම් වෙන්නේ. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතුයි.මේ රටේ මූල්‍ය ක්ෂේත්‍රය සහ බැංකු පිළිබඳ ජනතා විශ්වාසය බරපතළ විදිහට කඩා වැටිලා. මහ බැංකුව හොරා කෑවා.මංකොල්ල කෑවා. දෙගොල්ලොම මාරුවෙන් මාරුවට සුපිරි ගැහිල්ලක් ගැහුවා. කොමිෂන් පත් කළා. කමිටු පත් කළා. වාර්තා ආවා. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ චූන් එකේ යෙහෙන් වැජඹෙනවා. කබ්රාල් රටේ ඉහළම පෙළේ අමාත්‍ය වරයෙක්. මහ බැංකුවට ෂොට් එක දුන්න අය එක වේදිකාවේ ඉන්නවා. එක පතේ කනවා.

මහ බැංකුව පිළිබඳ ජනතාව තුළ එවැනි අප්‍රසාදයක් ගොඩ නැගෙන කොට ඒ යටතේ තියෙන අනෙක් ආයතන ගැන කුමන කතාද ? පොලී අනුපාත අඩු කළා.

ස්ථාවර තැන්පතු පොලී අනුපාතික අඩු කළා. ණයක් ගන්න බැංකුවට ගියාම කොන්දේසි හැට හුටහමාරක් දාන්න පටන් ගත්තා. මේ කාරණා නිසා රටේ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය නැතුව ගියා.කලකිරීමක් නිර්මාණය වුණා. මේ කාරණා නිසා ජනතාව පෙළඹුණා කෙටි කාලීනව වැඩි ලාභයක් ගන්න පුළුවන් සූදු කෙළිනවා වාගේ මෙවැනි මූල්‍ය ආයතන වෙත යන්න. මෙතැන දී ජනතාව වැරැද්දක් කරලා නැහැ.

මා සොයාගත් කරුණු අනුව සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසුවා. මේ ආයතනය ලියාපදිංචි ආයතනයක් නොවෙයි. මහ බැංකුවේ අනුමැතිය ලත් මූල්‍ය ආයතනයක් නොවේ. මේ ආයතනය පවත්වාගෙන ගිය අයට වාරණ නියෝග තියෙනවා. උසාවි නියෝග තියෙනවා. එහෙම අය තමයි මේ මූල්‍ය වංචා කරන්නේ. ඔවුන් මේ වෙනකොට කෝටි ගණනක මුදල්, ලාභාංශ,වෙනත් ප්‍රතිලාභ නැතුව අසරණ වෙලා.

මේ වංචාකරුවන් උසාවියට පොලිසියට වංගු දාන ගමන් මුදල් තැන්පත් කරපු මිනිසුන්ටත් වංගු ගහන්න තරම් හයියක් කොහෙන්ද? අපි මේ වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරල තියෙනවා. අපි මහ බැංකුවෙන් ඉල්ලනවා මීට අදාළව වහාම විමර්ශනයක් කරන්න. පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට වහාම දඬුවම් ලබා දෙන්න කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09