spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාපෙළ විභාගයෙහි වංචා තුනක් ගැන හෙළිදරව්වක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපෙක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා වට්ස්ඇප් මාර්ගයෙන් පිලිතුරු ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපෙක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න ප්‍රතය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකු සිද්ධිය අනාවරණය කරගෙන තිබෙනවා. සීදුව ද්විස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපෙක්ෂකයන් පස් දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමේ සිද්ධියක් වාර්තා වූ බව ද විභාග කොමසිරිස් කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?