සාන්තුවරයින්ගේ දෙව්මැඳුරට බෝම්බ තැබීමේ සිද්ධියට ඇල්ලූ දයානන්ද හේරත්ගේ පෙත්සම ඉවතට විසිවෙයි

බොරැල්ලේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍ය දයානන්ද හේරත් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, එස්.තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරු සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ඊයේ (30) ප්‍රතික්ෂේප කළ බවයි.

පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් කර ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා යි කරුණු දැක්වු අතර අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ දිලීප පිරීස් මහතා වග උත්තරකරු වෙනුවෙන් කරුණු දැක්වූවා.

වෛද්‍ය දයානන්ද හේරත් යනු සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතාගේ පියා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?