Indian Premier League

සාදයක් අතරතුර තරුණයන් 25ක් අත්අඩංගුවට

වැලිගම නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවැති සාදයක දී හෑෂ්, ගංජා සහ හඳුනා නොගත් මත් පෙති සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයන් 25ක් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසනවා.

එම පොලිසිය සඳහන් කරන්නෙ මෙම සාදය ඊයේ (14) දින රාත්‍රියෙ වැලිගම නගරයේ, පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක දී සංවිධානය කර තිබූ බවයි.

මෙම තරුණයන් වයස අවුරුදු 25-30 වයසේ පසුවන අතර මොවුන් මාතර, කොළඹ, ඇඹිලිපිටිය, අහංගම සහ ගාල්ල ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන්.

එම තරුණයන් පිරිස විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සාදයක් පවත්වන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

එම තරුණයන්ව පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී මත්ද්‍රව්‍යයන් වන හෑෂ්, ගංජා, සහ හඳුනා නොගත් මත්පෙති පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 45300ක් ද ගංජා මිලිග්‍රෑම් 41100ක් ද හඳුනා නොගත් මත්පෙති ද මෙම පිරිස සන්තකයේ තිබී හමු වූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම මූලස්ථාන පොලිසිය විසින් සිදු කරන අතර සැකකරුවන් කොටවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?