සාකච්ජා අවශ්‍ය නම්, ශාන්ත බණ්ඩාර ඇමති ධුරයෙන් ඉවත් කරන්න – මන්ත්‍රී විමල් විරවංශ

පවතින අර්බුදය විසඳීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. එමෙන්ම ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදුන් ශාන්ත බණ්ඩාර එම තනතුරෙන් ඉල්ලා අස්කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මන්ත්‍රීවරයා,

“රටේ නිසි විසඳුමක් නොදී ආණ්ඩුව මේ අර්බුදකාරී තත්ත්වය උත්සන්න වෙන්න ඉඩහැරලා පරණ පුරුදු ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න උත්සහ කරනවා. ඒ පරණ පුරුදු ගමනට මේ රටේ ජනතාවගෙන් ඉඩක් නැහැ. ඒක වහාම ආණ්ඩුව පිළිගන්න ඕනේ. ඒක පිළිගන්න බැරි ආණ්ඩුවකට පවතින්න බැහැ. මේ තියන තත්ත්වය නිසා අද ආර්ථික ඉතා දරුණු තත්ත්වයකට මේ රටේ ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයට ඇද වට්ටපු අය තාමත් මේ ආණ්ඩුය ඇතුළේ එක එක ක්‍රමයට ලැගලා ඉන්නවා.

එහෙම තත්ත්වයක් තියාගෙන මේ රටට ඉස්සරහාට යන්න බැහැ. ඒ නිසා අපි තදබල ලෙස ආණ්ඩුවට බලකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා වහාම ඉවත් වෙන්න අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම. ඉවත්වෙලා නව පාලන තන්ත්‍රයක් බිහිකරගන්න ඉඩ දෙන්න එසේ නොකිරීම විසින් ඇතිවෙන සමස්ත ව්‍යසනයට මේ සියලුදෙනා වග කියන්න ඕනේ. අපි තීරණ රැසක් ගත්තා ඒවා පස්සේ කියන්නම්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?