AFC Banner
Empty Ad
Empty Ad

ස්වාමීන් වහන්සේ නමකගේ දේහයක් ගාලු මුවදොර වෙරළේ

ගාලු මුවදොර වෙරළ තීරයේ තිබී ස්වාමීන් වහන්සේ නමකගේ බවට සැක කෙරෙන මෘත ශරීරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන අයෙකුගේ මළ සිරුරක් වන මෙහි අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරයේ හිස මුඩු කර ඇති අතර ඒ අසල වෙරළේ තිබී අඳනකඩයක් ද හමුවී තිබෙනවා.

වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මෙම සිරුර සොයා ගැණුනේ.

මෙය ස්වාමීන් වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැක කරන අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

කොළඹ කොටුව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
10
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?