ස්වාමීන් වහන්සේ නමකගේ දේහයක් ගාලු මුවදොර වෙරළේ

ගාලු මුවදොර වෙරළ තීරයේ තිබී ස්වාමීන් වහන්සේ නමකගේ බවට සැක කෙරෙන මෘත ශරීරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන අයෙකුගේ මළ සිරුරක් වන මෙහි අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරයේ හිස මුඩු කර ඇති අතර ඒ අසල වෙරළේ තිබී අඳනකඩයක් ද හමුවී තිබෙනවා.

වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මෙම සිරුර සොයා ගැණුනේ.

මෙය ස්වාමීන් වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැක කරන අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

කොළඹ කොටුව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38