AFC Banner
Empty Ad
Empty Ad

ස්වයං නිරෝධයනය නිවෙස් අසලට පොලීසිය යොදවයි

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 116,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වන අතර ඒ අතරින් වැඩිම පිරිසක් ගෘහස්ථ නිරෝධායනයේ නිරත වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතයි.

සෞඛ්‍ය බලධාරීන් නොමැති අවස්ථාවල ස්වයං නිරෝධායනය හෝ ගෘහස්ථ නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් පිටවෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙම නිවෙස් අවට යොදවා ඇති අතර ඔවුන් ලබා දෙන තොරතුරු අනුව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?