ස්වයං නිරෝධයනය නිවෙස් අසලට පොලීසිය යොදවයි

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 116,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වන අතර ඒ අතරින් වැඩිම පිරිසක් ගෘහස්ථ නිරෝධායනයේ නිරත වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතයි.

සෞඛ්‍ය බලධාරීන් නොමැති අවස්ථාවල ස්වයං නිරෝධායනය හෝ ගෘහස්ථ නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් පිටවෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙම නිවෙස් අවට යොදවා ඇති අතර ඔවුන් ලබා දෙන තොරතුරු අනුව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38