ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මෘති මන්දනා සහ ඇයගේ පෙම්වතා වූ පලාෂ් මුචල් සමඟ විවාහය අවලංගු කර ඇති බව වාර්තා වනවා.
සමාජ මධ්‍යයේ සටහනක් තබමින් ස්මෘති මන්දනා මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඔවුන්ගේ පවුල්වල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විවාහය අවලංගු කිරීමට හේතුවූ කාරණය හෙළිකර නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පලාෂ් මුචාල් සමඟ විවාහ මංගල්‍යය කල් දැමූ වහාම, ස්මෘති මන්දනා විවාහ ගිවිස ගැනීම සහ පූර්ව විවාහ උත්සවවලට අදාළ සියලුම ඡායාරූප සහ වීඩියෝ අයගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
මන්දනාගේ හිතවතුන් ද විවාහ මංගල්‍යයෙන් පූර්ව විවාහ සටහන් ද සමාජ මාධ්‍ය ගිණුම්වලින් මකාදමා තිබූ බවයි වාර්තා වන්නේ.
මන්දනා සහ පලාෂ් මුචාල් නොවැම්බර් 23 වන දින විවාහ වීමට නියමිතව තිබූ අතර,ඊට දින කිහිපයකට පෙර ස්ම්රිතිගේ පියා හදිසියේම අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවුණා.
ඉන් අනතුරුව පලාෂ් මුචල්ට ද රෝහ ගතවීමට සිදුවූ අතර, ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍යය කල්දැමීමට කටයුතු කළා.
කෙසේ වෙතත් පලාෂ් මුචල්, මන්දනාට ද්‍රෝහී වී ඇති බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය කටකතා පැතිරුණු අතර, එවන් තත්ත්වයකයි මෙම විවාහ මංගල්‍යය අවලංගුකර දෙදෙනා දෙපැත්තකට වීමේ තීරණය ගෙන ඇත්තේ.





