ස්පුට්නික් V මෙරට නිපදවීමට රුසියානු සහාය ?

රුසියාව විසින් නිපදවා ඇති ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීය හැකිබව රුසියාව, ශ්‍රී ලංකාවට දන්වා තිබේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ රුසියානු තානාපතිවරයා ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇති බවය.

ජාතික ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට ස්පුට්නික් V එන්නත් මිලදීගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.   

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් පැවසුවේ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් මිලියන දෙකක් මිලදීගැනීමට ද යෝජනා වී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?