AFC Banner
AFC Banner
Empty Ad

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඉන්දියාවේ අලුත් ගැටළුවක්

විවාහක ස්ත්‍රී දූෂණය “අතිශයින් දරුණු” බව පවසමින් එය සාපරාධී ලෙස සලකන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති ඇති පෙත්සම් වලට ඉන්දීය රජය විරුද්ධ වී තිබෙනවා.

ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේ තම බිරිඳට බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීමට “පිරිමියෙකුට මූලික අයිතිවාසිකමක් නොමැති” නමුත් විවාහක කාන්තාවන් ලිංගික හිංසනයෙන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නීති ඇති බවයි.

විවාහය තුළ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් පුරුෂයෙකුට නඩු පැවරිය නොහැකි බවට බ්‍රිතාන්‍ය යුගයේ නීතියක් සංශෝධනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති එම පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විභාගකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විවාහය තුළ ප්‍රචණ්ඩත්වය ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙන අතර මෑත කාලීන රජයේ සමීක්ෂණයකට අනුව, කාන්තාවන් 25 දෙනෙකුගෙන් එක් අයෙකු තම ස්වාමිපුරුෂයාගෙන් ලිංගික හිංසනයට මුහුණ දී ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?