ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්ව යනතුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් නොපැමිණෙන බවත් වෘත්තීය සමිති සමග අඛණ්ඩවම වැඩවර්ජනයේ නිරතවන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ පැවසීය.
මෙම රට තුළ ඇති තත්වය හමුවේ දරුවන් පාසල් එවීමේ තීරණය දෙමාපියන් අතේ බවද ඔහු පැවසීය.
මහින්ද රාජපක්‍ෂ රටම ගිනි තියලා අගමැතිකමින් ගියාට අප සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා තාමත් බලයේ ඉන්නවනේ. ඔහුත් ඔය පුටුව දාලා යන්න ඕන. වෘත්තීය සමිති සමග එක්ව අපි ආරම්භ කරපු වැඩවර්ජනය අපි නතර කරන්නේ නැහැ. මේ වර්ජනය අපි දිගටම අරගෙන යනවා. නිරායුධව බොහොම සාමකාමීව අරගලයේ යෙදෙන තරුණ පිරිසට මහින්ද රාජපක්‍ෂගේ බත් බැලයෝ ටික පහර දුන්නා. මේවා තුට්ටු දෙකේ වැඩ. මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.




