සබරගමුව පළාතට සහ දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරු 02.00න් පසුව වැසි

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඒ අතරින් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42
Video thumbnail
අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංග විවාදය අජිත් අරඹයි
03:32
Video thumbnail
අකරගම ප්‍රදේශිය රෝහලේ උණුසුම් තත්ත්වයක් - ඇයි යකෝ..මහලොකු උඹේ චණ්ඩිකම්
02:53
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක ඇතුළු ප්‍රබලයෝ එකට හමුවූ තැන
01:34
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි
01:08
Video thumbnail
චමින්ද - නාමල් උදෙන්ම පාර්ලිමේන්තුවේ පැටලෙයි..හොරකම ගැන පැහැදෙනකොට ඇමතිට දුක ඇති
09:37
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:35
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයට යන්න හිතුවේ නෑ..හැබැයි යන්න වුණා - නාමල් සැරටම කිව්ව කතාව
07:47