ස්ටාර්ලින්ක්, වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාලය දෙන්න සූදානමින්

වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් තීරණය කර ඇති බව වාර්තා වනවා.

ස්ටාර්ලින්ක්, එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ වෙනිසියුලාවේ ජනතාවට නොමිලේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් ස්ටාර්ලින්ක් විසින් සපයනු ලබන බවයි.

මෙම සේවාව එළඹෙන පෙබරවාරි 03 වන දින දක්වා වෙනිසියුලානු ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව එම එක්ස් සටහනේ සඳහන්.

වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි පනවා තිබෙන අතර, රට පුරා අන්තර්ජාල විසන්දි කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් දීර්ඝ කාලයක සිට පවතිනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?