‘සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම සිදු කරමු” – සබර මහා ශිෂ්‍ය සංගමය (නිවේදනය)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චාරුක පේරුසිංහගේ අත්සනින් යුතුවයි, මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

‘ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳ ව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍යයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු. එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් පිරිසකට නවකවද චෝදනා එල්ල වන අතර ඒ පිළිබඳ ව සහ සහෝදරයාගේ මරණය පිළිබඳ ව ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන තෙක් මරණය පිළිබඳව නිශ්චිත හේතුවක් සනාථ කොට නැත. එවැනි නවකවද සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ ව විනිවිදභාවයකින් හා අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස උපරිම මැදිහත් වීම හා දායකත්වය ලබා දෙන්නෙමු.

ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ නවකවදය නමැති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වූ කාලයක එවැනි අදහස් විශ්වවිද්‍යාලය තුළට ගෙන ඒම හෝ ඒ සම්බන්ධයෙන් අනුබල දීම හෝ එවැනි ක්‍රියා සිදුවීම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස තරයේ හෙළා දකින්නෙමු. නවකවදය වැනි පසුගාමී ගතානුගතික සංස්කෘතියක් තුළින් කිසිසේත්ම නිදහස් අධ්‍යාපනයක් සුරක්ෂිත නොවනු ඇත. එමෙන්ම අප විශ්වවිද්‍යාලය තුළ නිදහස් ආකල්පයකින් යුතුව කලාව හා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වපසරිය නිර්මාණය කිරීම අපගේ ද අරමුනයි. එබැවින් නවකවදය වැනි පසුගාමී සංස්කෘතියක් සමගින් අප ශිෂ්‍ය සංගමයට කිසිදු සම්මුතියක් නොමැත.

විශ්වවිද්‍යාලය තුළ නවකවදය වැනි ක්‍රියාකාරකම්වලට මහා ශිෂ්‍ය සංගමය ලෙස සැමවිටම විරෝධතාව දක්වන අතර එවැනි ක්‍රියාකාරකම් මුළුමනින්ම නැවැත්වීමට මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කටයුතු කරන්නෙමු. එලෙසම සහෝදරයාගේ මරණය සම්බන්ධව සිදුවන විමර්ශනවලට සහයෝගය ලබාදෙන අතර සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම නිසැකවම සිදු කරන්නෙමු.

මෙම හදිසි අභාවය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්නෙමු..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?