‘සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම සිදු කරමු” – සබර මහා ශිෂ්‍ය සංගමය (නිවේදනය)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චාරුක පේරුසිංහගේ අත්සනින් යුතුවයි, මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

‘ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳ ව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍යයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු. එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් පිරිසකට නවකවද චෝදනා එල්ල වන අතර ඒ පිළිබඳ ව සහ සහෝදරයාගේ මරණය පිළිබඳ ව ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන තෙක් මරණය පිළිබඳව නිශ්චිත හේතුවක් සනාථ කොට නැත. එවැනි නවකවද සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ ව විනිවිදභාවයකින් හා අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස උපරිම මැදිහත් වීම හා දායකත්වය ලබා දෙන්නෙමු.

ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ නවකවදය නමැති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වූ කාලයක එවැනි අදහස් විශ්වවිද්‍යාලය තුළට ගෙන ඒම හෝ ඒ සම්බන්ධයෙන් අනුබල දීම හෝ එවැනි ක්‍රියා සිදුවීම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස තරයේ හෙළා දකින්නෙමු. නවකවදය වැනි පසුගාමී ගතානුගතික සංස්කෘතියක් තුළින් කිසිසේත්ම නිදහස් අධ්‍යාපනයක් සුරක්ෂිත නොවනු ඇත. එමෙන්ම අප විශ්වවිද්‍යාලය තුළ නිදහස් ආකල්පයකින් යුතුව කලාව හා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වපසරිය නිර්මාණය කිරීම අපගේ ද අරමුනයි. එබැවින් නවකවදය වැනි පසුගාමී සංස්කෘතියක් සමගින් අප ශිෂ්‍ය සංගමයට කිසිදු සම්මුතියක් නොමැත.

විශ්වවිද්‍යාලය තුළ නවකවදය වැනි ක්‍රියාකාරකම්වලට මහා ශිෂ්‍ය සංගමය ලෙස සැමවිටම විරෝධතාව දක්වන අතර එවැනි ක්‍රියාකාරකම් මුළුමනින්ම නැවැත්වීමට මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කටයුතු කරන්නෙමු. එලෙසම සහෝදරයාගේ මරණය සම්බන්ධව සිදුවන විමර්ශනවලට සහයෝගය ලබාදෙන අතර සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම නිසැකවම සිදු කරන්නෙමු.

මෙම හදිසි අභාවය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්නෙමු..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34