සහෝදරයාගෙන් සහෝදරයාට කඩවත දී වෙඩි ප්‍රහාරයක්

කඩවත ප්‍රදේශයේ ඊයේ (18) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කඩවත, සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිය නිවස අසළ මාර්ගයේ රැඳී සිටිය දී එම ස්ථානයට පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව එම පුද්ගලයින් වෙඩි ප්‍රහාරයෙන් තුවාල පුද්ගලයාගේ බිරිඳට ද පහරදී එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයෙකු, සහෝදරයාගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් 56,20 සහ 25 හැවිරිදි වියේ පසුවන ගනේමුල්ල සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සමඟ වෙඩිතැබීමට භාවිත කර ඇති රයිෆල් වර්ගයේ ගිනි අවිය සහ ඔවුන් පැමිණි ත්‍රිරෝදරථය ද පොලිස්භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
3
+1
4
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?