සහරාන්ලා ගැන පළමුව ඔත්තුව දුන් මාවනැල්ලේ තස්ලීන් ලෙඩ ඇඳේ සිට දුක කියයි

වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය හා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහය දැක්වූ පිරිස අතර මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මොහොමඩ් රාසික් මොහමඩ් තස්ලීන් නමැත්තා ද වනවා.

මොහොමඩ් තස්ලීන් සේවය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසයි. කෙසේවෙතත් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය හා මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම හේතුවෙන් මොහොමඩ් තස්ලීන් අන්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඉන් ඔහුගේ හිසට තුවාල සිදුවීම හේතුවන් මොහොමඩ් තස්ලීන් මේවනවිට එක්තැන්ව සිටිනවා.

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් තස්ලීන් වැදගත් කාර්යය භාර්යයක් ඉටු කර ඇති බවයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මොහොමඩ් තස්ලීන් දැනට ප්‍රතිකාර ලබමින් සිටියද, එක්සත් රාජධානියට ගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීම අවශ්‍ය බවත්, ඒ සඳහා රජයේ මූල්‍යාධාර සැපයීම මෙන්ම ආරක්ෂාව සැපයීම කරන සිදුකරන ලෙස රජයට නිර්දේශ කරන බවත් එම වාර්තාවේ සඳහන්.
 
අදාළ නිර්දේශයන් එලෙස ලැබී තිබුණත් මොහොමඩ් තස්ලීන්ට හිමිවිය යුතු මූල්‍යාධාර රජයේ ඇතැම් පාර්ශවයන්ගෙන් නිසි අයුරින් නොලැබෙන බවට වෙත වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ පොලිස් දෙපාර්තමේන්තුව මගින් මොහොමඩ් තස්ලීන්ට වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 25 ක් පිරිනමා ඇති බවයි. එම මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් මොහොමඩ් තස්ලීන් වෙත මෙලෙස අදහස් දැක්වුවා.

සිය ප්‍රතිකාර කටයුතු සඳහා මසකට රුපියල් 50,000 ක් පමණ වැය වනබැවින් තමන් වෙත මාසිකව ලැබෙන රුපියල් 18,000 ආදායමට අමතරව තවත් රුපියල් 30,000 ක පමණ මුදලක් මාසිකව ලැබෙන පරිදි කටයුතු සම්පාදනය කර දෙන ලෙයසි මොහොමඩ් තස්ලීන් අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින්නේ.

පාස්කු කොමිසමෙන් නිර්දේශ කර ඇති පරිදි තමන්ට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව ලැබෙන බවත්, මේවනවිට මුහුණ පා සිටින මූල්‍ය දුෂ්කරතාවන්ට සහනයක් ලබාදීමට  කටයුතු කරන ලෙසත් මොහොමඩ් තස්ලීන් ඉල්ලා සිටිනවා.

තමන් මුහුණ පා සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරව ලිඛිතව දැනුවත් කර ඇති බවත්, එම ලිඛිත දැනුවත් කිරීම් අග්‍රාමාත්‍යවරයා වෙත ද යොමු කර ඇති බවත්, මොහොමඩ් තස්ලීන් සඳහන් කළා.

ඒ අනුව ඉකුත් මැයි මස 25 වනදා ඔහුට අධිකරණ අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ලැබී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මොහොමඩ් තස්ලින් යොමු කර ඇති ඉල්ලීම් එම දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ මූල්‍ය ගැටළුව තමන්ට මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නොමැති බවයි මොහොමඩ් තස්ලීන් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගෙන් ද විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ මොහොමඩ් තස්ලීන් සිදුකළ සේවය වෙනුවෙන් ඔහුට සාධාරණයක් ඉටුවිය යුතු බවයි. දැනටමත් ඒ සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවත්, අඩුපාඩු සිදුවී ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක් සිදුකරන බවත් අධිකරණ අමාත්‍යවරයා වෙත සඳහන් කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30