සහරාන්ගේ දේශණවලට සහභාගී වූ තරුණයෙකුට සිදු වු දේ

2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් එම ප්‍රදේශයේ ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග ක‍ර තිබේ.

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි වයස අවුරුදු 23ක් වන අජ්මාල් සහීර් නැමැත්තෙක්. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරු මෙම අන්තවාදී පුහුණු වැඩසටහන සඳහා සභාගීවූ බවට දුරකතන දත්ත වාර්තා මගින් අනාවරණය කරගත් බවයි.