සහන මල්ලට අපහාස කළ අයගෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලනවා – බන්දුල

සතොස මගින් ලබාදෙන රුපියල් 1,000ක් වටිනා සහන මල්ලට අපහාස කළ පාර්ශ්වයන්ගෙන් වන්දි ඉල්ලන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව අදාළ පාර්ශවයන්ගෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලා ඒන්තර වාසි යවන බව වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පිළිකා කාරක අඩංගු බව තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික්ටොන් 105ක ප්‍රමාණයක් මෙරටින් රැගෙන යෑම සඳහා “බාබරා“ නමැති නෞකාව අනිද්දා (13) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 125ක් පොල් සංවර්ධන අධිකාරියේ පර්යේෂණාගාර මගින් පසුගිය දිනවල පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඉන් සාම්පල 109කම ඇෆලටොක්සීන් අන්තර්ගත නොවන බව තහවුරු විය.

තවත් සාම්පල 10ක පැවතිය හැකි උපරිම ප්‍රමාණයට වඩා ඇෆලටොක්සීන් අඩු බව හඳුනාගෙන ඇති අතර පැවතිය යුතු උපරිම ප්‍රමාණයට වඩා ඇෆලටොක්සීන් අන්තර්ගත සාම්පල ගණන 06කි.

කෙසේවෙතත් ආහාර පනතේ එන සීමාවන් අනුව එම සාම්පල කිසිවක් මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ නොපවතින බැවින් ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

පිළිකාකාරක පොල්තෙල් ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ද මේ වනවිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09