විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසුවා විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව මෙම ක්‍රියාවලිය සිදුවනු ඇති.ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ ජපානය බලා පිටත්වන ශ්‍රමිකයන් 12 දෙනෙකුගෙන් යුත් පිරිසකට හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට (22) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
අමාත්‍යවරයා පැවසුවේ තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.
මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.මෙසේ ආනයනය කරනු ලබන වාහන, ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකිවන ක්‍රමයක් නිර්මාණය කරන බවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා කීය.




