සහකාර පොලිස් අධිකාරී ධුර උසස් වීම් නොලද නිලධාරීන්ගේ පෙත්සම් විභාගයට අවසර

2021 වසරේ සහකාර පොලිස් අධිකාරි ධුර සඳහා උසස්වීම් පිරිනැමීමේ දී තමන්ට එම උසස් වීම් නොලැබීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබා දුන්නා.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා

ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඊයේ දින සිට සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසකට අධිකරණය විසින් නියෝග කළා.

එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් එතැන් පටන් සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ජූලි මස 10 සහ 11 යන දිනවල විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි ධුර 230ක් පමණ මේ වන විට පුරපාඩුව පවතින බවත් අධිකරණය විසින් දෙනු ලබන නියෝග මත කටයුතු කිරීමට වගඋත්තරකරුවන් පියවර ගන්නා බවත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝග ප්‍රකාශයට පත්කළා.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළ සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ව සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් පරීක්ෂකවරු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?