AFC Banner
Empty Ad
Empty Ad

සරුවත් විකිණූ දැරියගේ ජීවිතය බිල්ලට ගත් වෑන් රථයේ ආ මාරයා

වෙන්නප්පුව, දුම්මලදෙනිය ප්‍රදේශයේ දී වෑන් රථයක් රියදුරුට පාලනයකර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෑන් රථය, මාර්ගය අයිනේ සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ ගැටී ඊයේ (02) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී 16 හැවිරිදි දැරිය අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය දැරිය වෙන්නප්පුව, වෙරළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?