AFC Banner
AFC Banner
Empty Ad

සරුවට වැඩුණු ත්‍රෛලෝක විජයපත්‍රවලට ගිනි තබා විනාශ කෙරේ

තණමල්විල පොලිස් වසමේ කිවුලආර ප්‍රදේශයේ දී සරුවට වගා කර තිබූ ගංජා වගාවක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම ඊයේ (11) පස්වරුවේ සිදු කර ඇත්තේ තණමල්විල පොලිස් වසමේ මැදගම, කිවුලආර ප්‍රදේශයේ දීයි.

එහිදී නීතිවිරෝධී ලෙස වගාකර තිබූ අඩි 0.5 ක් පමණ උස ගංජා පැළ 2,500 ක තවානක් සහ අඩි 0.5ක් පමණ උස ගංජා පැළ 5,000 ක තවානක් ගිනි තබා විනාශ කර තිබෙනවා.

තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන පුද්ගලයකු නඩු භාණ්ඩ සඳහා අවශ්‍ය කරන ගංජා පැළ 20ක් සමග පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?